සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මිදිගම රුවන් නැමැත්තා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අදාළ නඩුව අද කොළඹ – කොටුව මහේස්ත්‍රාත් නිලු‍පුලී ලංකාපුර ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.

සැකකරු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දන්වා තිබෙනවා.

එමෙන්ම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ගොනුවට අදාල විස්තර ඉදිරියේදී අධිකරණයට ගොනු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ.

source :- https://tinyurl.com/4bhv2std

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here