ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පස්දෙනෙකු ඇතුළු හත්දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙම ස්ථාන මාරු කිරීම් එළඹෙන 12 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඒ. රෝහණ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි ස්ථාන මාරුකර ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එස්. ඊ. ජයසුන්දර විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්.එම්. සේනාරත්න දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස අද ස්ථාන මාරුකර තිබෙනවා.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යූ. පී. ඒ.ඩී.කේ.පී. කරුණානායක ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට විශේෂ ආරක්ෂක දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි ස්ථාන මාරුකර ඇත්තේ.

තවද, රාජකාරි ඉටුකිරීම නියෝජ්‍ය පොලිස්පති ඩී. ජී. එස්. ද සිල්වා කිලිනොච්චි හා මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ද රාජකාරි ඉටුකිරීම නියෝජ්‍ය පොලිස්පති එස්.ඩී. විජේසේකර වව්නියාව හා මන්නාරම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමට අමතරව කිලිනොච්චිය හා මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා මෙසේ ස්ථාන මාරුකර තිබෙනවා.

source :- https://tinyurl.com/37hks6ef

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here