යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ පාලනය ඇමරිකාව අත්පත් කර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයේදී හමුවීමෙන් පසුව දෙරටේ නායකයින් පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ජනාධිපති ට්‍රම්ප් සිය දෙවන ධූර කාලය සදහා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු එරට සංචාරය කරනු ලබන පළමු රාජ්‍ය නායකයා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයායි.

ගාසා තීරයේ සිටින පලස්තීනුවන් ඉන් පිටත නැවත පදිංචි කළ යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

පුපුරා නොගිය බෝම්බ සහ අනෙකුත් ආයුධ ඉවත් කිරීමේ වගකීමද ඇමරිකාව භාර ගන්නා බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.

source :- https://tinyurl.com/58vuh54z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here