ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා පක්ෂ 3ක් නියෝජනය කරමින් සංවිධායකයන් තිදෙනෙකු එක් වී තිබේ.

එසේ එක් වී ඇත්තේ සමගි ජනබලවේගය යාපනය දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි,  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ.එල්.එම්.එන්. මුබීන්, ශ්‍රී ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන පිරිසයි.

තවදුරටත් විවිධ රැලි පසුපස යා යුතු නැති බවත් පෝලිම් යුගයක් නැවත අවශ්‍ය නැති බවත් කොළඹදී මාධ්‍ය අමතමින් වික්ටර් ස්ටැන්ලි මහතා ⁣පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here