ඊයේ ඉදිරිපත් කළ ඉන්දියානු අයවැය මගින් ශ්‍රී ලංකාව සදහා වන ප්‍රතිලාභ ඉහළ නංවා තිබෙනවා.

ඉන්දීය මධ්‍යම රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ඊයේ ඉදිරිපත් අයවැය කතාවේදී ඉදිරිපත් කරමිනුයි මේ බව නිවේදනය කළේ.

මෙවර ඉන්දියාවේ අයවැයෙන් විදේශ රටවලට ආධාර සැපයීම සඳහා වෙන් කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5,483ක්.

ප්‍රධාන වශයෙන් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ, අසල්වැසි රටවල ජල විදුලි බලාගාර, නිවාස පහසුකම්, මාර්ග සහ පාලම් ඇතුළු ව්‍යාපෘති සඳහායි.

ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් යථා තත්ත්වයට පත්වන විට, ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 300 දක්වා ප්‍රතිපාදන වැඩි කර ඇති බව ඉන්දීය රජය ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ සදහන්.

source :- https://tinyurl.com/pusuz65x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here