
කොළොම්බියාවට තීරුබදු සහ සම්බාධක පැනවීමට තම පරිපාලනයට උපදෙස් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයින් සිය රටට ගොඩ බෑමට කොළොම්බියාව අවසර නොදීම හේතුවෙන්.
ඒ අනුව ඇමරිකාවට ආනයනය කරන කොළොම්බියානු සියලුම භාණ්ඩ සඳහා සියයට 25ක හදිසි තීරුබදු පැනවීමට මෙන්ම කොළොම්බියානු රාජ්‍ය නිලධාරින්ට සහ සහයකයන්ට සංචාරක තහනමක් පැනවීම මෙම සම්බාධක අතරට ඇතුළත්.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම නිවේදනයෙන් පැය කිහිපයකට පමණ පසුව කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ප්‍රකාශ කර සිටියේ තමන් ද අමෙරිකාව විසින් ආනයනය කරනු ලබන භාණ්ඩ සදහා සියයට 25කින් බදු වැඩි කරන ලෙස දැනුම් දී ඇති බවයි.
source :- https://tinyurl.com/37vp4rhe








