
මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා මාරක රිය අනතුරු සංඛ්‍යාව 65ක් දක්වා අඩුකර ගත් බවත්, 2023 වසරේ මුල් දින 15 තුල රිය අනතුරු 105කුත්, 2024 වසරේ මුල් දින 15 තුල රිය අනතුරු 99කුත් වාර්තා වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළේ.
ඒ, ‘නව රජයේ වැඩපිළිවෙල සමග ශ්‍රී ලංකා පොලිසියේ කාර්යභාරය’ යන මැයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ ප්රධානත්ත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවත්වනු ලබන මාධ්‍ය සාකච්ඡාවේදී යි.
එහිදී ඔහු සඳහන් කළේ මෙම වසරේ මුල් දින 15 තුලදී මෙලෙස රිය අනතුරු අඩුවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දුන් ඊ – ට්‍රැෆික් ජංගම දුරකථන මෘදුකාංගය මහජනතාව පරිහරණය කිරීම ඉවහල් වූ බවයි.

එමෙන්ම මෙම රිය අනතුරු 65න් පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත්, 40කට ආසන්න පිරිසකගේ දිවි බේරා ගැනීමට සමත් වූ බවත් ඔහු සඳහන් කළා.
source :- https://tinyurl.com/4hs5sk6z







