සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවය.

2004 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයකු වූ ගාමිණී අතුකෝරලගේ නැගණියය. ගාමිණි අතුකෝරලගේ අභවප්‍රාප්ත වු පසු ඇය දේශපාලනය පිවිසියේය.

ඇය 2004, 2010, 2015 හා 2020 මැතිවරණවලදී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් දිනා ගැනීමට සමත් විය.

ඇය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය කඳවුරු දෙකකට බෙදිලා කටයුතු කිරීම තමාගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීමේ දැඩි අපහසුතාවයට පත් වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here