
අමෙරිකාව සමග ආරක්ෂක සහ පතල් කැනීම් සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සූදානම් බව ලොව විශාලම දිවයින වන ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය මියුට් එජ් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමරිකානු නව ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමගයි.
තමන්ට මෙවැනි අභිප්රායක් පවතින බව ඔහු පළමු වරට ජනාධිපති ධූරයට පත් වූ 2019 වසරේදී ප්‍රකාශ කළ අතර, පසුගියදා දෙවන වරට ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුවද ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ සමග නිව්යෝක් මහ බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු වන ඩේවිඩ් බාර්කර් මිලක් නියම කරමින් සඳහන් කළේ ග්‍රීන්ලන්තය අලෙවි කරන්නේ නම් එහි මිල ඇමරිකානු ඩොලර් බිලියන 12.5ත් බිලියන 77ත් අතර වන බවයි.
උතුරු ඇමරිකාවේ සිට යුරෝපය දක්වා කෙටිම මාර්ගයෙන් පිහිටා ඇති නිසා ග්‍රීන්ලන්තය උපාය මාර්ගික වශයෙන් අමෙරිකාවට වැදගත් වී තිබෙනවා.
source :- https://tinyurl.com/224zycmj








