පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනක් අතරතුර සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ වේලුකුමාර් හා දිගම්බරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

වැඩසටහන අතරතුර ආවේගශිලී වූ දිගම්බරන් මහතා පානය කිරීමට ඔහුට ලබාදී තිබූ ජල වීදුරුවෙන් වේලුකුමාර් මන්ත්‍රීවරයාට පහරදී තිබේ.

එමෙන්ම වේලුකුමාර් මන්ත්‍රීවරයාට පහරදී ඔහුව සපාකෑමටද පැන තිබෙන බවයි වාර්තා වන්නේ.

වැඩසටහන මෙහෙයවන්නාගේ මැදිහත්වීමෙන් එම තත්ත්වය සමතයකට පත් කර තිබෙනවා.

පසුහියදා වේලුකුමාර් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here