සිරියාවේ වත්මන් රජය විසින් එරට රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එරට මුදල් අමාත්‍ය මොහොමඩ් අබාසීඩ් පවසා ඇත්තේ, අමාත්‍යාංශවල පරිපාලනමය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසුව මෙසේ එරට රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැටුප් වැඩි කරන බවයි.

මේ සදහා අමෙරිකානු ඩොලර් මිලියන 127 ක් පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

එසේම මේ වන විට දරිද්‍රතා රේඛාවට වඩා පහළ මට්ටමක සිටින සිරියාව ඉදිරි මාස 03 ඇතුළතදී එරට බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ද අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/4absvzb8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here