ජාතික ජන බල බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ චෝදනා මත කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අගුරුවාතොට බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉකුත් දා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රිනී කොට්ටහච්චිට අපහාසවන පරිදි පොස්ටුවක් පළකර තිබූ අතර, පසුව එදිනම එම පොස්ටුව ඔහු විසින් ඉවත්කොට තිබුණා.

source :- https://tinyurl.com/32xz9s6u

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here