
අහුංගල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි විදේශීය ජාතිකයෙකු ඊයේ (30) සවස් කාලයේදී දියේ ගසාගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඔහු නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා.
මෙසේ දිය අනතුරින් බේරාගෙන ඇත්තේ, වයස අවුරුදු 34ක් වූ රුසියානු ජාතිකයෙක්.
අහුංගල්ල පොලිස් ස්ථානයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් පරීක්ෂක මනෝජ් ආරියරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 29896 ලසන්ත සහ 19342 සංගීත් යන නිලධාරීන් විසින් මෙම දිවි බේරා ගැනීම සිදු කර තිබෙනවා.

source :- https://tinyurl.com/28a67fuj







