2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඉහළම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.

2024 දෙසැම්බර් මස 1 සිට 29 දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 233,087 දෙනෙකු පැමිණ ඇති අතර, මේ මස 2024 වසරේම ඉහළම පැමිණීමේ මාසය ලෙසයි දැක්වෙන්නේ.

මෙම වසරේ මෙතෙක් හොඳම මාසය ලෙස නම්කල 2024 මාර්තු මසදී 218,350 දෙනෙකුගේ පැමිණීම් වාර්තා වුණා.

දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම සංචාරකයින් ගණන 414,798ක් ලෙස ඉන්දියාවෙන් වාර්තා වු අතර, රුසියාවෙන් 198,601 සහ එක්සත් රාජධානියෙන් 177,121ක ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.

2024 ජනවාරි 1 සිට දෙසැම්බර් 29 දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,037,960ක් පැමිණි බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවට සංචාරකයින් 100,000ට වඩා පැමිණි ඉහළම රටවල් පහ ලෙස,

ඉන්දියාව – 414,798
රුසියාව – 198,601
එක්සත් රාජධානිය – 177,121
ජර්මනිය – 134,949
චීනය – 131,289

හැඳින්විය හැකියි.

මෙම සංඛ්‍යාව අපේක්ෂිත ඉලක්කයට සමාන නොවන බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.

source :- https://tinyurl.com/2xnuukv9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here