
මහවෙල පොලිස් වසමේ මොනරවිල ප්රදේශයේදී, ඊයේ (30) විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහවෙල පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 58ක් වන මොනරවිල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු පල්ලෙපොල ප්රදේශයේ ඉඩමක ගස් වල අතු කපමින් සිටින අවස්ථාවේදී අධි බලැති විදුලි රැහැනක කපන ලද අත්තක් ගැටීමෙන් මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බවටයි පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/mw7vvvxk







