උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 413 දෙනෙකුට නීතීමය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළ රියදුරන් 49 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.

තවද, මාර්ග නීති උල්ලංඝනය කිරීම, බලපත්‍ර වැරදි ඇතුලුව රියදුරන් 7,676 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

source :- https://tinyurl.com/m33pcyk9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here