චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රියේ මූලාකෘතිය එළිදක්වා තිබෙනවා.

සී ආර් 450 ලෙස හඳුන්වන මෙම දුම්රියේ මුල් ආකෘතිය පැයට කිලෝමීටර් 400ක පමණ වේගයක් ඔවුන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එය දැනට චීනයේ ක්‍රියාත්මක වන පැයට කිලෝමීටර් 350ක උපරිම වේගයකින් ගමන් කරන සී ආර් 400 – ෆුෂින්ග් අධිවේගී දුම්රියවලට වඩා සැලකිය යුතු තරම් වේගවත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම අධිවේගී දුම්රිය මෝටර් රථ බලයෙන් ක්‍රියාත්මක වන මැදිරි 04කින් සහ මෝටර් රථ බලය නොමැතිව ක්‍රියාත්මක වන මැදිරි හතරකින් සමන්විතයි.

එමෙන්ම, අද වනවිට චීනය තුළ ක්‍රියාකාරී අධිවේගී දුම්රිය මාර්ගවල මුළු දිග කිලෝමීටර 47,000 ක් පමණ වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

source :- https://tinyurl.com/mvrcjf5z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here