
මෙගා මිලියන් ලොතරැයි ඉතිහාසයේ පස්වැනි විශාලතම ලොතරැයිය පසුගියදා දිනුම් ඇද තිබුණා.
ඒ අනුව උතුරු කැලිෆෝනියාවේ අලෙවි වූ ලොතරැයි ටිකට් පතක් එහි ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 1.22ක ජයමල්ල හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.
එය එහි ලොතරැයි ඉතිහාසයේ පස්වන විශාලතම ත්‍යාගය බවයි ටිකට් පත හිමි සමාගම පවසන්නේ.

විදෙස් මාධ්‍යට අනුව, ජයග්‍රාහී ටිකට් පත ශාස්ටා ප්‍රාන්තයේ කොටන්වුඩ් හි සන්ෂයින් ෆුඩ් ඇන්ඩ් ගෑස් හිදී අලෙවි කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ටිකට් පත විකිණීම සඳහා වෙළඳසැලට ඩොලර් මිලියන 1ක ප්‍රසාද දීමනාවක් ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
source :- https://tinyurl.com/5ckzdn5m








