ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය වරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

මීට අමතරව අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද ඉන්දීය බලධාරීන් තීරණය කර තිබෙනවා.

නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර කරමින් සිටියදී හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මිය යන විට අනූ දෙවන වියේ පසු වුණා.

1932 වසරේ වත්මන් පකිස්ථානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ දෙවරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා.

source :- https://tinyurl.com/tynmnbpx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here