අසනීප තත්ත්වයක් ඇති වූ ශ්‍රී ලාංකික කාන්තාවක් නිසා ගුවන් යානයක් ඊයේ (26) හදිසියේම Erbil ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

වෛද්‍ය කණ්ඩායම් ප්‍රතිකාර කිරීම සඳහා පැමිණි නමුත් කාන්තාව යානය තුළම මිය ගොස් ඇති බවටයි සඳහන් වෙන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 81ක් වූ ප්‍රංශයේ ජීවත්වූ කාන්තාවක්.

ප්‍රංශ පුරවැසියෙකු වන ඇගේ පුතා සිය මවගේ මළ සිරුර පැරිසියට රැගෙන යාමට උදව් කරන ලෙස කුර්දි බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සඳහන් කරන්නේ.

මෙසේ හදිසියේ ගොඩබස්වා ඇත්තේ, කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්.

source :- https://tinyurl.com/25h5wdhv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here