
හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය පොලිස් මාර්ග බාධකය අසලදී පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ රාජකාරි යෙදී සිටියදී ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටීමෙන් ටිපර් රථයද සමග ඉදිරියට ඇදීගෙන ගොස් ඉදිරියෙන් තිබූ ලොරි රථයක හා කාර් රථයකද ගැටීමෙන් ඊයේ (26) අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
තවද අනතුරින් තවත් පොලිස් නිලධාරියෙකු, කාර් රථයේ සිටි කාන්තාවක් සහ වයස මාස 04ක කුඩා දරුවෙකු, ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා හබරණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 56ක් වූ භාතියගම, කන්තලේ ප්‍රදේශයේ පදිංචි හබරණ පොලිස් ස්ථානයට අනුයුක්ත ගල්ඔය පොලිස් මුරපොලෙහි රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙක්.
මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/32k7624x







