ජපන් ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයකක් එල්ල වී තිබෙනවා.

එම නිසා ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද විය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

දේශීය වේලාවෙන් පෙ.ව. 7:30 පමණ ගුවන් සේවයේ බාහිර පද්ධති සමඟ සන්නිවේදනය කරන පද්ධතිවල අක්‍රමිකතාවයක් ගටගත් බවයි වාර්තා වෙන්නේ.

“බලපෑමේ විෂය පථය අපි හඳුනාගෙන ඇති අතර කඩිනමින් එය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි එම ගුවන් සේවය සඳහන් කළේ.

දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් දෙකෙහිම ප්‍රමාදයන් ඇති බවත් බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත සියලුම සේවාවන් සඳහා ටිකට්පත් අලෙවිය අත්හිටුවා ඇති බවයි ගුවන් සේවය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/5ywyupn9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here