කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් සොරකම් වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ලබා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් විසින් කාලයක් පුරා සිදුකරමින් යන කොළඹ – කටුනායක අධීවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීම පිළිබඳව අමාත්‍යංශයට ලැබෙන පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුවයි විෂයභාර අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත්තේ.

කටුනායක අධිවේගී මාර්ගයේ විදුලි රැහැන් කැපීමේ අවස්ථාවලදී එම සොරකම්වලට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදුන්නද එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් නැවතත් රාත්‍රී කාලයේ මෙම සොරකම් සිදු කිරීම නිසා මාර්ගය භාවිත කරන පුද්ගලයින්ගේ ජීවිත අවදානමක්ද ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/v26tpxdh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here