මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, එම රෝහලේ සිදු කරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකදීයි.

එය අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රජයේ රෝහලක සිදු කරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද වනවා.

එහිදී අමාත්‍යවරයා රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින් අදාළ ඉදිරි සැළසුම් සකස් කිරිම සඳහා නිලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

source :- https://tinyurl.com/yyjkp2mm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here