
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට කිට්ටුව රාත්‍රී කාලයේදී වාහනවල යන පිරිස් කොල්ලකෑමේ ජාවාරමක් ගැන වාර්තා වනවා.
ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා මෙම කොල්ලකෑම සිදුකරන බවයි ජනතාව පවසන්නේ.
මෙම කොල්ලකරුවන් විවිධ අවි ආයුධ සහිතව පැමිණෙන බවයි පැවසෙන්නේ.

එලෙස පැමිණ රන් භාණ්ඩ මුදල් ආදිය කොල්ලකා පලා යන බවද ප්‍රදේශවාසීන් පවසනවා.
මේ හේතුවෙන් මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ප්‍රදේශයේ පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනූව ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කිරීමටත්, මාර්ගයේ පිවිසුම් දෙපස ආරක්ෂාව වැඩි කිරීමටත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රදේශයේ පොලිස් නිලධාරින් අතර පැවැති සාකච්ඡාවේ දී එකඟ වූ අතර CCTV කැමරා පද්ධතියක් සවි කිරීම, විදුලි පහන් කණු සවි කිරීම, අදාළ ස්ථානයන්හි පොලිස් මුරකුටි ස්ථානගත කිරීමටද තීරණය කළ බවයි වාර්තා වන්නේ.







