
මෙරට ආහාර උද්ධමනය 0.7%ක් ලෙස වාර්තා වන බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
2024 ඔක්තෝබර් මාසයේ උද්ධමනය මෙසේ වාර්තා වූ බවයි පැවසෙන්නේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වන්නේ.

මේ අතර 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ලෙස සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0%ක් ලෙස වාර්තා වනවා.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -2.3% සිට -3.1% ක් දක්වාත් පහළ ගොස් ඇති බවයි නවතම දත්ත වාර්තා කරන්නේ.
source :- https://tinyurl.com/bdp7t5k







