මුලතිව් මුහුදු තීරයේ පාවෙමින් තිබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 14යි ග්‍රෑම් 700ක තොගයක් ඊයේ (22) සොයාගෙන තිබෙනවා.

මුලතිව්, තීර්තකට්කරයෙි මුහුදු තීරයේ පාවෙමින් තිබියදී අදාල පුපුරණද්‍රව්‍ය තොගය සොයාගත් බවයි මුලතිව් පොලීසිය පැවසුවේ.

ධීවරයින් පිරිසක් පළමුව දැක ඇත්තේ පාවෙමින් තිබූ ටින් එකක් බවයි පැවසෙන්නේ.

පසුව ඒ පිළිබඳව ධීවරයින් විසින් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ අදාල ටින් එක පරික්ෂා කර තිබෙනවා.

ඒ අනූවයි එහි ආරක්ෂිතව තැන්පත් කරතිබූ පුපුරණදුව්‍ය සොයාගෙන තිබෙන්නේ.

එම පුපුරණද්‍රව්‍ය එලෙස පවෙමින් තිබීමට හේතුව හෝ කුමන පර්ශ්වයකට අයත්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව ඒවා නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවයි මුලතිව් පොලීසිය පවසන්නේ.

source :- https://tinyurl.com/ad8cppdb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here