
තෙල්දෙණිය ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමඟින් පාසල් වයසේ පසුවන සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ එම සිසුන් සන්තකයේ තිබී රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු 57ක් පොලිස් භාරයට ගත් බවයි.
දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පොලිසියට සිදුකළ දැනුම්දීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එලෙස අත්අඩංගුවට ගත් සිසුන් වයස අවුරුදු 15ත්, 16ත් වන බවයි පොලිසිය පැවසුවේ.

මෙම සිසුන් විසින් දිගන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණ භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමෙන් අනතුරුව ලබාදුන් රුපියල් 5,000 නෝට්ටුව ව්‍යාජ බව හැඟීයාමෙන් අනතුරුව එකී වෙළඳසැලේ ව්‍යාපාරිකයා විසින් ඒ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.
අනතුරුව පොලිසිය විසින් එම සිසුන්ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සඳහන් කර ඇත්තේ තමුන් දන්නා හඳුනන පිරිමි පුද්ගලයෙකු විසින් එම මුදල් නෝට්ටු ලබා දුන් බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
source :- https://tinyurl.com/e8nzxenp







