
වසර 10කට පසු ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් මේ වන විට සිරියාවට පැමිණ තිබෙනවා.
ඇමරිකානු රාජ තාන්ත්‍රිකයින් පිරිසක් මෙලෙස එරටට පැමිණ ඇත්තේ, වසර 10කට පසුව වීම විශේෂත්වයක්.
මීට සති කිහිපයකට පෙර දශක දෙකක අසාද් පාලනය බිඳ දමමින් හයාත් තරීර් අල්-ෂාමි හෙවත් එච් ටී එස් කැරලිකාර කණ්ඩායම සිරියාවේ බලය තහවුරු කර ගත්තා.

මේ වන විට සිරියාවේ පරිපාලන ප්‍රධානීයා ලෙස කටයුතු කරන්නේ එච් ටී එස් කැරලි කණ්ඩායමේ නායක අහමඩ් අල් ෂාරා විසින්.
ඔහු ගෝලීය ත්‍රස්ත නායකයෙකු ලෙස මීට පෙර හැඳින්වූ ඇමෙරිකාව, තොරතුරක් ලබාදෙන අයෙකුට ඩොලර් මිලියන 10ක ත්‍යාග මුදලක් ලබාදෙන බව ද ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් එච් ටී එස් නායකයා සිරියාවේ ඩැමැස්කස් නුවරදී හමුවීමෙන් පසුව,අදාළ ත්‍යාග මුදල ලබාදීම අතහැර දමා තිබෙනවා.
මේ වනවිට අල්-ෂාරාට අමෙරිකාව ප්රමුඛ බටහිර කඳවුරේ සහාය හිමිවන බව තීරණය වී ඇති අතර තුර්කිය සහ ඊශ්‍රාලයේ සහය ද ඔහුට හිමිවනු ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
source :- https://tinyurl.com/3zma6b7a








