
දෙමටගොඩ ගුවන් පාලම යට අලුත උපන් බිළිඳියක දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඒ, දෙමටගොඩ පොලිසියට ප්‍රදේශවාසින් විසින් කරන ලද දැනුම් දීමකට අනුවයි.
අදාළ බිළිඳිය රෙදි කැබැල්ලක ඔතා පාලම යට දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

පසුව පොලිස් නිලධාරින් බිළිඳිය කඩිනමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිදුකරන ලද විමර්ශනවලින් පසු සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අදාළ බිළිඳිය එම ස්ථානයේ දමායන අයුරු සී.සී.ටී.වී කැමරාවක සටහන් වී ඇති අතර, ඒ අනුවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මනා ශරීර සෞඛ්‍යයකින් පසුවූ මෙම බිළිඳිය දිනකට හෝ දෙකකට පෙර උපත ලබා ඇති බව විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
source :- https://tinyurl.com/4cpb58h







