මාදම්පිටිය පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝල අවියක් සහ එම උණ්ඩ 15 අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පොලිස් සැරයන්වරයා එම පොලිස් ස්ථානයේම සේවය කරන අයෙකු බවයි පොලිසිය සදහන් කළේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ 31 වනදා මෙම පිස්තෝලයේ සහ උණ්ඩ සහිත පතුරම් ගැබ අස්ථාන වී තිබූ බවට කොළඹ අපරාධ කොට්ඨාශයට තොරතුරක් ලැබී ඇති අතර, ඉන් අනතුරුවයි ඒ පිළිබද විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

source :- https://tinyurl.com/29rrcxbc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here