තමන් නීති විභාගට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මීට සුළු මොහොතකට පෙර වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

මෙම අපහාසය එල්ල වන්නේ නාමල් රාජපක්ෂට නොව සමස්ත නීති පද්ධතියට බවත් එම නිසා වහාම මේ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස‍යි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී අධිකරණ අමාත්‍යවරයාට ප්‍රකාශකර සිටියේ.

තමන් තනියම ඒසී කාමරයක විභාගය ලිව්වා යැයි ඔප්පු වුවහොත් තමන් මන්ත්‍රීකමෙන් ඉවත් වෙන බවත් එය ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් වසන්ත සමරසිංහට අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/bp5tckjy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here