
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයන් 1024 දෙනෙකු තවමත් වියදම් ලැයිස්තු ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක කියා සිටියේ අදාළ වියදම් ලැයිස්තු ඉදිරිපත් නොකරන්නන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලුම අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද සිට ප්රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සියලු දිස්ත්රික් ලේකම් කාර්යාලවල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අදාළ වාර්තා ප්රසිද්ධියට පත්කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාරදීමට ලබාදී තිබු කාලය මේ මස 6 වැනිදායින් අවසන් වුණා.
source :- https://tinyurl.com/ytabuppm








