
පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල්වලින් දින 09ක් තුළ සහල් කිලෝ කෝටියකට වැඩි ප්රමාණයක් වෙළඳපොළට නිකුත් කොට ඇතැයි වාර්තා වනවා.
මෙම සහල් තොගය පාරිභෝගික සේවා අධිකාරියේ අධීක්ෂණය යටතේ නිකුත් කොට තිබෙනවා.
මෙම සහල් තොගයෙන් හරි අඩක් එනම් කිලෝ ලක්ෂ පනහක් පමණ නාඩු සහල් බවයි වාර්තා වන්නේ.

පොළොන්නරුව දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ මහා පරිමාණ සහල් මෝල්වල නිෂ්පාදන ධාරිතාවය සොයා බැලෙමින් පවතිනවා.
ඒ අනූව ඊයේ (16) දිනය වන විට වෙළඳපළට සහල් කිලෝ කෝටීයකට වැඩි තොගයක් මුදාහැර තිබෙන බවයි පැවසෙන්නේ.
තව දුරටත් එම සහල් මෝල්වලින් නිකුත් කරන සහල් නිෂ්පාදනයන් පිළිබඳ ගණනය කිරීමේ කටයුතු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරමින් පවතිනවා.
source :- https://tinyurl.com/4tnfms96







