අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්හි පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මියගොස් තිබෙනවා.

අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ, එම පාසලේම 17 හැවිරිදි සිසුවියක් විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම වෙඩි තැබීමෙන් ගුරුවරයෙක් සහ සිසුවෙක් මියගොස් ඇති අතර, වෙඩි තැබීම සිදුකළ සිසුවිය ද පසුව සියදිවි නසාගෙන ඇති බවටයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

වෙඩි තැබීමෙන් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා සඳහන් කරන්නේ.

එසේම වෙඩි තැබීමට හේතුව මෙතෙක් පොලිසිය විසින් සොයාගෙන නොමැති බවත්, සැකකරුගේ පවුලේ අය විමර්ශනයට සහයෝගය දක්වන බවත්, පොලිසිය සඳහන් කරනවා.

source :- https://tinyurl.com/ya6436mp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here