
යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ සිද්ධියට අදාළ නඩුව අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දැඩි ලෙස අවවාද කොට මුදාහළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

තමන්ට බැන තර්ජනය කළ බවට පවසමින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති විසින් පසුගියදා යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සම්බන්ධයෙන් පසුගිය දිනවල සංවාදයට බදුන් වූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක අසුනේ අසුන් ගැනීම හේතුවෙන්.
source :- https://tinyurl.com/nhke63tp








