කෝකිලායි – සුමාල් වාඩිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ (15) රාත්‍රී කාලයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා කෝකිලායි රෝහලට ඇතුලත් කිරීමේදී ඔහු මිය ගොස් ඇති බව කෝකිලායි පොලිසියට සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 28ක් පමණ වූ පුද්ගලයෙක්.

මරණකරු තවත් පුද්ගලයෙකු සමඟ මාදැල් වාඩියක මත්පැන් පානය කරමින් සිට ඇති අතර, ඒ අවස්ථාවේ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය කෝකිලායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 41ක් වූ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කෝකිලායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/58jz3f8j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here