ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද රාෂ්ඨපතිභවන්හිදී ඉන්දීය ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.

එමෙන්ම, එම හමුවෙන් පසු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ජා සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.

සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ළගාවුණා.

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මුගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් සදහා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේ.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු එක්ව සිටිනවා.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුලු පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන්, ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින්.

අනතුරුව ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

source :- https://tinyurl.com/3v527k3s

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here