දකුණු කොරියානු වැඩබලන ජනාධිපති හන් ඩුක්-සූ සහ ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් අතර දුරකතන සංචාදයක් සිදු ව තිබෙනවා.

එහිදී දෙරටේ සබදතා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ඇමරිකානු – දකුණු කොරියානු සන්ධානය ශක්තිමත් කිරීම පිළිබද සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගයෙන් පසුව අගමැති හන් ඩුක්-සූ එරට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වුණා.

source :- https://tinyurl.com/y7knzjs6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here