මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකුට සහාය දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව ඇතැම් මාධ්‍යත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයිනුත් තමන් පිළිබඳව කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට සූදානම් වූ නමුත් ජනාධිපතිවරයා ඒ මහතාගේ සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය.

එමෙන්ම සමගි ජන බලවේගය ද, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ලබා ගැනීමට එම පක්ෂයට කිසිදු අදහසක් නැති බව මාධ්‍ය නිවේදනයක් නිකු-ත් කරමින් පවසා සිටියේ ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here