බලපත්‍ර මත නිකුත් කර ඇති ගිනි අවි යළි භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැදවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සම ව්‍යාපාරිකයෙකු විසින් ඉදිරිපත් කර තිබූ අතර අද එය විභාගයට ගත් අවස්ථාවේ අදාළ තීරණයට එරෙහිව සිය සේවාදායකයා ඉදිරිපත් කර තිබෙන අභියාචනයේ තීන්දුව ලැබෙන තුරු සන්තකයේ පවතින ගිනි අවිය ඒ ආකාරයෙන්ම තබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අදාළව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ.

ඒ අනුවයි අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 30 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේ.

source :- https://tinyurl.com/yn9e4zsa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here