
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු ම්ලේච්ඡ ඝාතන රැසක අපරාධකරුවන්ට එරෙහිව නව රජය යටතේ සිදුකෙරෙන විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් උදය ගම්මන්පිල කටයුතු කරමින් සිටින්නේදැයි සැකයක් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ අගරදගුරු මැදුරේ අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී මේ පිළිබඳව උන්වහන්සේගේ මාධ්‍ය නිවේදනය කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රසිද්ධ කළ අල්විස් කම්ටු වාර්තාව කතෝලික සභාව පිළිනොගන්නා බව ද ඔහු එහිදී කියා සිටියා.
මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ හෙළි කළ කරුණු ඇතුළත් අල්විස් කමිටු වාර්තාව කිසිසේත්ම පිළිනොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ද ප්‍රකාශ කළා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිය රජය යටතේ සිදු කරන බවයි.
source :- https://tinyurl.com/3sv4dh34








