
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පහත සඳහන් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්. සී. ඩී. එල්. සිල්වා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කර තිබෙනවා.
දැනට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ආර්. එම්. පී. රත්නායක 2024-11-06 දින විශ්‍රාම ලැබීමෙන් අනතුරුව පුරප්පාඩු වන එම තනතුර සඳහා දැනට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඩී. ඒ. පී. අබේසේකර පත් කර තිබෙනවා.

තව ද එච්. සී. ඩී. එල්. සිල්වා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් පත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා දැනට මුදල් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඒ. එන්. කපුගල පත් කෙරිණ.
දැනට ව්‍යාපෘති කළමනා කරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එන්. එස්. එම්. පී. රංජිත් එම දෙපාර්තමේන්තුවේ විධ්යක්ෂ ජනරාල් වශයෙන් පත් කර තිබෙනවා.
දැනට පුරප්පාඩුව පවතින ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ජේ. එම්. එස්. ඩී. රත්නායක පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
source :- https://tinyurl.com/2urhzw5w








