ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (14) සිදුකෙරෙනවා.

මේ වන විට දිවයිනේ පවතින ආපදා තත්ත්වය තැපැල් ඡන්ද සලකුණු කිරීමට බාධාවක් නොමැති බව ගාල්ල මැතිවරණ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, හිරු නිව්ස් කල විමසීමකදී කියා සිටියා.

තැපැල් ඡන්ද ලකුණු කිරීමට සුදුසුකම් ලැබු 1576 ක් සිටින බව ඔහු වැඩිදුරත් කියා සිටියා.

අද දිනයේදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ලබන 18 වැනිදා අවස්ථාව ලබා දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කර තිබුනේ.

පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප තැන්පත් කර තිබූ නමුත් ඉන් පිළිගත් දේශපාලන අටක් සහ ස්වාධීන එක් කණ්ඩායමක් පමණක් නාමයෝජනා බාරදී තිබුනා.

ලබන 26 වනදා පැවත්වෙන ඇල්පිටිය ඡන්දයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 17 වනදා සිට 20 දක්වා ඒවා බෙදාහැරීම සිදු කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/4pcb52s4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here