ජනප්‍රිය ජපන් ඇනිමේෂන් කාටූන් මාලාවක් වන “ඩොරේමන්”හි (Doraemon) ප්‍රධාන චරිතය නිරූපණය කළ වඩාත් ප්‍රසිද්ධ හඬ කැවීම් ශිල්පිනියක වන නොබුයෝ ඔයාමා මිය ගොස් තිබෙනවා.

මිය ‍යන විට ඇය 90 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

ඇය කලක පටන් ඩිමෙන්ශියා ‍රෝගී තත්ත්වයෙන් පෙළුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ටෝකියෝවේ උපන් ඔබමා හයියුසා රංගන පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු හඬ නිළියක් ලෙස සාර්ථක වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබෙනවා.

ලොව දීර්ඝතම සජීවිකරණ රූපවාහිනී වැඩසටහන වන “Sazae-san” හි Katsuo Isono සඳහා මුල් හඬ සැපයීම ඇතුළුව, විවිධ සජීවිකරණ භූමිකාවන්ට සම්බන්ධ වීමට පෙර ඇය විදේශීය නාට්‍යයක් හඬකැවීම ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

නමුත් ඇය 1979 සිට 2005 දක්වා TV Asahi කතා මාලාවේ රඟපෑ Doraemon ලෙස නිරූපණය කළේ ඇයගේ වඩාත්ම කැපී පෙනෙන භූමිකාවයි.

2006 දී ප්‍රකාශයට පත් කරන ලද “Boku Doraemon deshita” (මම Doraemon) නමින් ස්වයං චරිතාපදානයක් බොහෝ අවධානයට ලක් වී තිබෙනවා.

සජීවී ක්‍රියාදාම නාට්‍ය සහ චිත්‍රපටවල පෙනී සිටීමට අමතරව, ඔබාමා 2007 දී හඬ කැවීම් පාසලක විදුහල්පති ලෙස ද සේවය කර ඇති අතර නිතර ඉවුම් පිහුම් සංදර්ශනවල පෙනී සිට ඇති බවයි සඳහන් වන්නේ.

“Nobuyo Oyama මහත්මියගේ මුදු මොළොක් සහ සැනසිලිදායක කටහඬ ලොව පුරා සිටින දරුවන්ගේ හදවත් ස්පර්ශ කර, සිහින හා බලාපොරොත්තුව ලබා දුන්නේය. ඇයගේ අතිමහත් දායකත්වය සඳහා අපගේ ගැඹුරු කෘතඥතාව පළ කරන අතර ඇය සමාදානයෙන් සැතපීමට අපගේ අවංක යාච්ඤා පුද කරමු,” ලෙසින් ජපන් රූපවාහිනී නාලිකාවක් ඇයගේ වියෝව පිළිබවඳව සටහනක් එක් කර තිබෙනවා.

source :- https://tinyurl.com/2469559x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here