
බලන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක් තුළදි මාමණ්ඩිය විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් බෑණා ඊයේ (11) රාත්‍රියේ මිය ගොස් තිබෙනවා.
අදාළ පුද්ගලයාට කොසු මිටකින් සහ කුඩා මෝල් ගසකින් හිසට පහරදී ඇති බවයි සඳහන් වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ දහමාන ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි කෝටිපති ව්‍යපාරික තිදරු පියෙක්.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ එම නිවසේ සිට ඇති අතර එදින මෙම නිවසට අදාළ පියා පැමිණ තිබෙනවා.
රාත්‍රියේ බිරිද සහ මිය ගිය පුද්ගලයා අතර බහින් බස්විමක් සිදු වි තිබෙන අතර එම අවස්ථාවේ බිරිදගේ පියා විසින් නිවසේ සාලයේදි සිදුකළ පහර දිමක් හේතුවෙන් බෑණා මරණයට පත්ව තිබෙන බවයි මුලික විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ.
පහර දුන් 65 හැවිරිදි සැකකාර මාමා බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
source :- https://tinyurl.com/49heayrv







