රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහ පළ කිරීමට තීරණය කර ඇත.

ඔවුන් අද දහවල් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here