රාජ්‍ය ආයතන මගින් සංවිධාන කරන විවිධ උත්සව සහ වැඩසටහන් සදහා අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ඡායාරූප සහ පණිවිඩ යොදා ගන්නේනම් ඒ සදහා පූර්ව අවසරයක් ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ, ස්මාරක, සමරුඵලක, සමරු කලාප මෙන්ම, විද්‍යුත් සහ මුද්‍රිත ප්‍රකාශ සදහා මෙය වලංගු බවයි.

ඊට අදාළ උපදෙස් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ අත්සන සහිතව අදාළ අංශ වෙත යොමු කර තිබෙනවා.

source :- https://shorturl.at/hDh2B

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here