මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්නගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ස්වාධීනව මෙවර ඡන්දයට ඉදිරිපත් වූ ඔහුගේ නාම යෝජනා ප්‍රතික්ශේප වී ඇත්තේ “පිළිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම” යන හේතුව මතයි.

ඔහු විසින් මේ පිළිබඳව අදහස් දක්වනු ලබන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.

එහිදී අදහස් දැක්වූ අශේන් සේනාරත්න,

”දේශපාලනේ තාමත් එහෙමයි.. කිසිම වෙනසක් නැහැ.. මුන් කැමති නෑ අපි දේශපාලනයට එනවට.. කට්ටක් කාලා වැඩ කරලා වැඩක් නෑ.. මේ මිනිස්සු මේ රට ගොඩ නගන්නේ නෑ.. අනුර කුමාර ඔයාට බෑ.. ඔයාට බෑ මේක කරන්න.. ඔයාට පුලුවන් නම් අනුර කුමාර දිසානායක ඔයා අපිට ඉල්ලන්න දෙන්න ඕනේ ඡන්දේ.. මොනාද අපි රට වෙනුවෙන් කරලා තියෙන වැරදි.. කියන්න බලන්න.. 100%ක් මැතිවරණ කොමිසම් සභාව දූෂිතයි.. ඒක අද ඔප්පු වුණා. මෙයාලා කියන්නේ නාම යෝජනා භාර දුන් පුද්ගලයා හොඳ පුද්ගලයෙක් නෙමේලු.. දෙයියනේ එහෙමද බලන්නේ.. නාම යෝජනා භාර දීපු කෙනාලු අවුල.. මාර දුකයි.. කියන්න තියෙන්නේ මෙච්චරයි ස්තූතියි.. මැතිවරණ කොමිසම් සභාව ලෑස්ති වෙලා ඉන්න අපි නීතිය හමුවට එන්නම්.. අශේන්ට දැන් රජයත් එක්ක සටන් කරන්න වෙලා තියෙන්නේ..

source :- https://tinyurl.com/bddkyrkf

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here