ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ජර්මනියේ නිෂ්පාදිත රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට ගෙන්වා ඇති අතර ලියාපදිංචි නොකර අංක තහඩුවක් භාවිතා කරමින් රථය මාර්ගයේ ගමන් කර ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මේ නියෝගය සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ රථය සර්විස් කිරීම සදහා ගරාජ් අංකයක් භාවිත කරන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවත් මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම කාරි රථය මෙරටට ගෙන්වූයේ කව්ද කවදාද භාවිතා කෙරේ කවුද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවයි රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

කොටස් හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස නවතා තිබෙන බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

source :- https://shorturl.at/r0LlU

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here